කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ යාපනයේ ආරම්භ කර ඇති ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සහ TEJC අඹ ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක වගා ව්‍යාපෘති දෙකක් බවට පත්වී තිබේ.
දැනට ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200ක ක්‍රියාත්මක වන අතර අඹ ව්‍යාපෘතිය අක්කර 500ක වගා කර ඇත.
යාපනයේ ඇඹුල් කෙසෙල් හා TEJC අඹ වගාවන් අපනයනය ඉළක්ක කර ගනිමින් ක්‍රියාත්මකවේ. මේ වනවිට රාජාංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය හා ඒකාබද්ධ වෙමින් සෑම සතියකට වරක් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 10,000ක් ඩුබායි වෙළෙද පොලට ප්රවාහණය කෙරේ.
ඊයේ (15) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ව්‍යාපෘති දෙකෙහි ප්‍රගතිය සොයා බැලීම සඳහා යාපනය ප්‍රදේශයට ගියේය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද එක් වී සිටියේය.
TEJC අඹ ව්‍යාපෘතිය යටතේ චාවකච්චේරි එළුතුමට්ටුවාල් ප්‍රදේශයේ අක්කර 500ක TEJC අඹ වගා තර ඇත. එමෙන්ම යාපනය කෘෂිකර්ම ප්‍රදේශය තුළ අක්කර 200ක ඇඹුල් කෙසෙල් වගාව සිදු කර තිබේ. එමෙන්ම ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍ය්ථානය නිලාවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.
මෙම ව්‍යාපෘති දෙක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් පළ කළ අමාත්‍යවරයා -
කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘති දෙකම ඉතාමත් සාර්ථකයි. මෙම ව්‍යාපෘති දෙක තවදුරටත් පුළුල් කිරීමට අපි තීරණය කර තිබෙනවා. විශේෂයෙන් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ බිම් ප්‍රමාණයෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා එම වගා ක්‍රමය අපි හඳුන්වා දෙනවා.
යාපනයේ වී වගාවෙන් විශාල අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් දෙකක අස්වැන්නක් ලැබෙන්නේ. ගොවීන්ට එමගින් නිසි ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙනත් වගා සඳහා යොමුවීමට කැමති අයට අවශ්‍ය තාක්ෂණය. නව වගා ක්‍රම, නව තාක්ෂණය, හා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න අපි සූදානම්.
මෙම අඹ හා ඇඹුල් කෙසෙල් ව්‍යාපෘති දෙකම අද වනවිට රටට ඩොලර් උපයන ව්‍යාපෘති දෙකක් බවට පත්වී තිබෙනවා. අපේ කෘෂි නිෂ්පාදන සඳහා හැකි තරම් උසස් ප්‍රමිතිය ආරක්ෂා කරමින් වගා කිරිම හා සැකසීම අපි හඳුන්වා දී තිබෙනවා.
යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරනවා. ඒ වගේම TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත්. ඉදිරියේ දී අප රටට විශාල අඹ අස්වැන්නක් එනවා. ඒ නිසා මෙම අඹවලට වෙළෙඳපොලේ ඇති ඉල්ලුම වැටෙන්නට නොදී පවත්වාගෙන යා යුතුයි.
ඒ නිසා දැනට යෝජනා කර තිබෙන ව්‍යාපෘති හැර වෙනත් අඹ වගාවන් උනන්දු කිරීම නොකළ යුතුයි. වෙනත් අපනයනය කළ හැකි බෝගසඳහා ගොවීන් උනන්දුකිරීමට අපි පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.